කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැනට පුද්ගලයින් 15,065 ක් මියගොස් තිබේ.

මෙම ස්මාරකය හරහා ඔවුන් හුදු සංඛ්‍යාවලට සීමා නොකොට අනුස්මරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන්ය; අඹු සැමියන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, මිතුරන් සහ හිතවතුන්ය. තම තමන්ගේ කතාවලට හිමිකම් කියූ මේ පුද්ගලයන් මෙලොව අතැර ගොස් ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දායාද ඉතිරි කරමිනි.

මේ වන විට අප විසින් පුද්ගලයින් 767 දෙනෙකුගේ තොරතුරු ලේඛනගත කර ඇති අතර අප වෙත නව තොරතුරු ලැබෙන විට කෝවිඩ් නිසා සමුගත් තවත් අය මේ ස්මාරකයට එකතු කරන්නෙමු.

එක මලක් එක් පුද්ගලයෙකු නියෝජනය කරන අතර රජය විසින් නිකුත් කරන ලද තොරතුරු වලට අනුව ඔවුන්ගේ වයස, ලිංගිකතාවය සහ පදිංචි ස්ථානය සටහන් කර තිබේ.

ෆිල්ටර් කරන්න

පූරණය වෙමින්