ගොනු කරන්න

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 15,000ට වඩා මියගොස් තිබේ. මෙම ස්මාරකය හරහා ඔවුන් හුදු සංඛ්‍යාවලට සීමා නොකොට අනුස්මරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන්ය; අඹු සැමියන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, මිතුරන් සහ හිතවතුන්ය. තම තමන්ගේ කතාවලට හිමිකම් කියූ මේ පුද්ගලයන් මෙලොව අතැර ගොස් ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දායාද ඉතිරි කරමිනි.

සිය අභාවප්‍රාප්ත ඥාති හිතවතුන්ගේ තොරතුරු ශ්‍රී ලංකා කෝවිඩ්-19 අනුස්මරණ ස්මාරකයට එකතු කිරීමට කැමති නම් මෙම පෝරමය පුරවන්න. වෙන අය සමගත් මෙය බෙදා ගන්න.

පෝරමය පිරවීමට පෙර මේවා සූදානම් කරගන්න: තොරතුරු සත්‍යාපනය කළ හැකි ලේඛනයක් (මරණ සහතිකයක් හෝ අනුශෝචනා දැන්වීමක්), සහ එම පුද්ගලයාගේ වයස, ලිංගිකභාවය, මියගිය දිනය සහ පදිංචි ගම/නගරය. නම සහ ඡායාරූපය අත්‍යවශ්‍ය නොවේ; ඔබ ඉල්ලා සිටියහොත් පමණක් නම ප්‍රදර්ශනය කෙරේ.

ඉදිරිපත් කිරීමේ පෝරමය විවෘත කරන්න