ගොනු කරන්න

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැනට පුද්ගලයින් 15,000ට වඩා මියගොස් තිබේ. මෙම ස්මාරකය හරහා ඔවුන් හුදු සංඛ්‍යාවලට සීමා නොකොට අනුස්මරණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයන්ය; අඹු සැමියන්, සහෝදර සහෝදරියන්, දෙමාපියන්, දරුවන්, මිතුරන් සහ හිතවතුන්ය. තම තමන්ගේ කතාවලට හිමිකම් කියූ මේ පුද්ගලයන් මෙලොව අතැර ගොස් ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දායාද ඉතිරි කරමිනි.

සිය අභාවප්‍රාප්ත ඥාති හිතවතුන්ගේ තොරතුරු ශ්‍රී ලංකා කෝවිඩ්-19 අනුස්මරණ ස්මාරකයට එකතු කිරීමට කැමති නම් මෙම පෝරමය පුරවන්න. වෙන අය සමගත් මෙය බෙදා ගන්න.

ආරම්භයට පෙර

  • මම මෙයින් තහවුරු කරන්නේ මම අභාවප්‍රාප්තවපුද්ගලයාගේ පවුලේ සාමාජිකයෙකු වන බව හෝ අභාවප්‍රාප්ත අයගේ පවුලේ අය ඔවුන් වෙනුවෙන් මෙම තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මට අවසර ලබා දී ඇති බවයි.
  • මා ඉදිරිපත් කරන තොරතුරු තහවුරු කිරීමට ලේඛන මා සතුව ඇත (මරණ සහතිකය හෝ මරණ දැන්වීම වැනි ලේඛන)
  • මා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු තහවුරු කිරීමේ අරමුණින් ගබඩා කිරීමටත් පිරික්සීමටත් මම ශ්‍රී ලංකා කොවිඩ් -19 අනුස්මරණ කණ්ඩායමට අවසර දෙමි.