ක්‍රමවේදය

අපි මේ අනුස්මරණ ස්මාරකය නිර්මාණය කල ආකාරය

මෙම අනුස්මරණ ස්මාරකය නිර්මාණය කිරීමට වස්තු බීජය වූ​යේ කොවිඩ්-19 හේතුවෙන් සිදුවු මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් තිබියදීත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලැබූ වාර්තා පිරිහීමයි.

කෝවිඩ්-19 වසංගතය ආරම්භයේදී රජය විසින් දිනපතා මිය ගිය සමහරක් පුද්ගලයන්ගේ වයස, ලිංගිකභාවය, උපන් ගම සහ මරණයට හේතු වැනි විස්තර නිකුත්කළ​ ද, 2021 ජුනි මාසය වන විට මෙම තොරතුරු සංඛ්‍යාවලට පමණක් සීමා විය. ප්‍රසිද්ධ පුද්ගලයන් සහ සමහර සෞඛ්‍ය සේවකයින් හැරුණු විට, කෝවිඩ්-19 හේතුවෙන් මියගිය අනෙකුත් පුද්ගලයින් සංඛ්‍යාමය දත්ත බවට පමණක් සීමා වී ඇත.

මෙම අනුස්මරණ ස්මාරකය තුලින් අප උත්සාහ කරන්නේ ඔවුන් දත්ත පමණක් නොවන බව මූලාශ්‍රද සහිතව දැක්වීමයි.

පළමු අදියරේදී අපි පොදුවේ ලබා ගත හැකි තොරතුරු මූලාශ්‍රයන් උපයෝගී කරගනිමින් දත්ත සමුදායක් සෑදුවෙමු:

මියගිය පුද්ගලයන්ට නිසි ගරුත්වය ලබාදීමට අපි මෙම මූලාශ්‍ර වලින් ලබාගත හැකි සියළුම විස්තර උපුටා ගත්තෙමු – වයස, ලිංගිකභාවය, මියගිය ස්ථානය සහ නිල වශයෙන් සටහන් වී ඇති මරණය සිදුවීමට හේතු ආදිය. එමෙන්ම, කොවිඩ්-19 නිසා මියගිය බන්ධනාගාරගත පුද්ගලයන් ගැනද අපි සටහන් කර ගත්තෙමු.

මේ ස්මාරකය තැනීමට අත් උදව්දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය විසින් ඉහත සඳහන් විස්තර අතින් දත්තගත කරන ලදී.එම දත්ත සමුදාය වෙත ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකිය. දත්තගත විස්තර අතුරින් අපි වෙබ් අඩවියට යොමුකරේ මියගිය පුද්ගලයන්ගේ වයස, ලිංගිකභාවය, මියගිය දිනය සහ ඔවුන්ගේ ගම් ප්‍රදේශය පමණි.

ඊළඟ පියවර

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ පිළිබඳව පොදු ජනතාවට ලැබෙන තොරතුරු ඉතා සීමාසහිත අතර දැනට ආණ්ඩුව විසින් නිකුත් කරන ලද තොරතුරු මුළු මරණ සංඛ්‍යාවෙන් 5% පමණ වේ.

එම 5%න් ඔබ්බට කෝවිඩ්-19න් මිය ගිය පුද්ගලයින් අනුස්මරණය කිරීමේ කර්තව්‍යයට ඔබේ සහයෝගය සහ දායකත්වයද අවශ්‍ය වේ.

විශේෂයෙන්,

  • සිය මියගිය ඥාති හිතවතුන්ගේගේ තොරතුරු ශ්‍රී ලංකා කෝවිඩ්-19 අනුස්මරණ ස්මාරකයට එකතු කිරීමට කැමති නම් ඔවුන්ගේ විස්තර අප වෙත එවීම.
  • කෝවිඩ්-19 නිසා මියගිය පුද්ගලයන් සියලු දෙනා ගැන විස්තර නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලුම් කිරීම.
  • විවිධ තොරතුරු මූලාශ්‍ර වලට ප්‍රවේශවිය හැකි ජනමාධ්‍යවේදීන්, පර්යේෂකයන් සහ පුරවැසියන් එම මූලාශ්‍ර අප හා බෙදා ගැනීම.
  • ප්‍රජා මූලික දත්ත හරහා අනුස්මරණය කළ පුද්ගලයන් නිවැරදිව නිරූපණය කිරීම සහ සමාජභාවය වැනි තොරතුරු රජයෙන් ලබා දෙන තොරතුරුවලින් ඔබ්බට නිවැරදිව ප්‍රකාශ කිරීම.